ගුරුතුමනි විමසුමට
පැනයක් තිබේ මා හට
මහාවංශ දීපවංශ
නොයෙක් ඉතිහාස පොත් වල
ලියවී තිබේ බොහෝ සටහන්
යුදෙන් වික්මන් කල රජවරුන්
සෙන්පතින් ගැන....
දාගැබ්ද මහ වැවුද
පෙතිපිලිම කල
මහා රජවරුන් ගැන
ඒ නමුත් ගුරුතුමනි.....
මහා යුද්ධ ජය ගැන්මට
රජවරුන්ට සෙන්පතින්ට
පමණක්ම හැකිවේද
නොමැතිව සුළු සෙබළුන්
මහා වැවු, දාගැබ්
පෙතිපිලිම නිම කල හැකි වේවිද
නොමැතිව
කම්කරුවන්,ගල්වඩුවන්
පෙදරේරුවන්...
ඉතින් ඉතිහාස පොත්වලින්
එක පුංචි පිටුවක්
ඇයිද වෙන් නොකළේ
රජුන්,සෙන්පතින් වෙනුවෙන්
දාඩිය,ලේ,කඳුළු වැගිරූ
ඒ පුංචි මිනිසුන් වෙනුවෙන්....
ගුරුතුමනි....
උගන්වන්න මට
රජුන් සෙන්පතින් ගැන නොව
උන් වෙනුවෙන් වෙහෙස වුනු
පුංචි මිනිසුන් ගැන....
Friday, October 26, 2012
Thursday, October 25, 2012
නුඹ
ගලහ හන්දියෙන් එපිට
සෙනග පිරි බස් රියේ
නාදුනන මුහුණු අතර මැද
හුරුපුරුදු ලෙසින් හිනැහුණ
නුඹ..............
බැලූ එක බැල්මකින්
හද පුරා සිතුවම් දහසක් ඇද
යලිත් නොබලාම මදෙස
ගුඩ් ෂෙඩ් වලින් බැස
හිරිපොද වැස්සේම
දියව ගිය
නුඹ...................
සෙනග පිරි බස් රියේ
නාදුනන මුහුණු අතර මැද
හුරුපුරුදු ලෙසින් හිනැහුණ
නුඹ..............
බැලූ එක බැල්මකින්
හද පුරා සිතුවම් දහසක් ඇද
යලිත් නොබලාම මදෙස
ගුඩ් ෂෙඩ් වලින් බැස
හිරිපොද වැස්සේම
දියව ගිය
නුඹ...................
Tuesday, October 16, 2012
වැසි දිනකදී දුරින් හිදගෙන පෙම්බස් මුමුණන පෙම්වතියට
අර බලන් සොඳුර අර
හන්තාන අහස'ගන
හීතලෙන් කිලිපෙලුනු සිරුරැති
හන්තාන කඳු හිමිව
සිය සිනිදු අත්වලින්
වෙලාගෙන උනුහුමට
ආදරෙන් තුරුළු කරගෙන
සිටින'යුරු........
Saturday, October 13, 2012
එදා-අද
සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තය කියන්නේ මං ගරු කරන පුවත්පත්
කලාවේදියෙක්.දැන් ඔහු දේශපාලනමය විදියට මොන වගේ තැනක ඉන්නවද කියල මං දන්නේ
නැහැ.ඒත් ලංකාවේ තිබුණු දැවැන්ත මර්ධනකාරී යුගයක ඔහු විසින් ලියනු ලැබූ
දේවල් වලට මං ගොඩක් ආසයි.විශේෂයෙන් 1986-1993 කාලයේ ඔහු විසින් ලියනු ලැබූ
"සත්‍යවාදියෙකුගේ දිනපොත"නම් තීරු ලිපි පෙළ එම යුගයේ අන්ධකාරය පෙන්වන
උදාහරණයක් විදියටයි මං දකින්නේ.ඒත් එක්කම එම තීරු ලිපි පෙලේ තියෙන අදහස්
දැක්වීමේ නිර්භීත භාවයටත් මං ගොඩක් කැමතියි.ඒ තීරු ලිපි පෙළ
"සත්‍යවාදියෙකුගේ දිනපොත"ලෙස පොතක් විදියටත් එලි දක්වල තියනවා.මට ඒ පොතේ
එක්තරා කොටසක් උපුටා දක්වන්න හිතුනා.එම කොටස එදාටත් අදටත් දෙකටම උචිතයි
කියලයි මට හිතෙන්නේ.
1986 අගෝස්තු 20
නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........
දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.
1986 අගෝස්තු 20
නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........
දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.
ළඟ නැති ඔයාට
රැක ගන්න සිටි මැණික
අහිමි වූ කලට හිත
හදාගන්නේ කෙලෙස
සිහිනයෙන්වත් ඇවිත්
සුවඳ තවරා දසත
හිත හදාගන්න හැටි
කියාදී යන්න මට..........
ආයෙමත් පුරුදු හන්තාන හෙවන යටට ආවා.මාසයක් තිස්සේ මන් මේ හන්තාන අහසින් ඇත හිටියේ.මන් අඩිය තියපු වෙලාවේ ඉඳන් හන්තාන අහස අඩනවා.සමහර විට මාව ආයේ දැකපු සන්තෝසෙට වෙන්නැති.කොහොමහරි සද්ද බද්ද අඩුව තිබුන අපේ කාමරේ ආයෙමත් සැහෙන්න කාලගෝට්ටියක්.එහෙට මෙහෙට විසිරිලා හිටපු ඔක්කොම ආයේ එකතු වෙලා.සඳුදා ඉඳන් ආපහු වැඩ පටන් ගැනිල්ලක් තියෙන්නේ එක හුස්මට.කොහොම උනත් ආයේ පරණ ජීවිතේට එන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්.එත් හිතේ තියන තනිකම මකන්නම බැහැ වගේ.එක කොහෙන් එන තනිකමක්ද කියල හිතා ගන්න අමාරුයි.එත් ඒ තනිකමට මන් ආසයි.හන්තානේ ෆයිනස් ගස් මුදුනෙන් ගලාගෙන එන අඳුර,මීදුම,හන්තාන අහසින් වැටෙන වැස්ස මේ හැමදේකම තියෙන්නේ මහා තනිකමක්.ඒ සමහරවිට කවුරු ළඟ හිටියත් ඔය මන් ළඟ නැති නිසාද?.පුලුවන්නම් හීනෙන් හරි ඇවිත් මට උත්තරයක් දීල යන්න.අවුරුදු ගානකින් දැක්කේ නැති ඔයා දැන් කොහොම ඇද්ද?එදාට වඩා තවත් ලස්සන වෙලා ඇති.එත් මට නම් තම ඔයා එදා මන් දැක්ක ඔයාමයි...........පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැතුව තාමත් මගේ හිතේ ඒ විදියටම ඉන්නවා.පුලුවන්නම් එකම එක පාරක් හීනෙන් හරි ලඟට එන්න.මන් බලාගෙන ඉන්නවා ඇස් පියාගෙන ඔයා එනකන්.
Wednesday, October 10, 2012
මඳක් හිතන්න
අද උදේ පාන්දර අහපු නිව්ස් එකකින් හිත කීරි ගැහිලා ගියා.ක්‍රිකට් වර්ල්ඩ් කප් එක පරාද වෙච්ච දුකට තරුණයෝ දෙන්නෙක් එල්ලිලා මැරිලා.කොච්චර අපරාධයක්ද?දැන් ඒ දෙන්න මැරුණා කියල අපිට කප් එක හම්බ වෙයිද?......නැහැනේ.ඒ මරණ වල දුක විදින්න ක්‍රිකට් ටීම් එක එන්නෙත් නැහැ.ඒ දුක විඳින්න ඕනේ උන්ව මෙච්චර කාලයක් දුක් මහන්සියෙන් හදපු වඩපු අම්මලා තාත්තලා නෑදෑයෝ හිතවත්තු.වෙන මිනිස්සුන්ට ඒකෙ දුකක් නැහැ.අඩුගානේ ක්‍රිකට් ටීම් එකේ උන්ටවත්.උන්ටත් වර්ල්ඩ් කප් තව ටික දවසකින් අමතකයි.ඊට පස්සේ එයාල IPL,SLPL,BPL සෙල්ලම් කරයි.කෝටි ගණන් හම්බ කරයි.තව වර්ල්ඩ් කප් ගහයි.ඒවත් දිනයි.එක්කෝ පරදියි.
ඇයි දෙයියනේ සියදිවි නසා ගන්න නෙමෙයි මරාගෙන මැරෙන්න ඕනේ දේවල් කොච්චර මේ රටේ වෙනවද?දවසකට ළමා අපචාර කීයක් වෙනවද?දූෂණ,වංචා කොච්චර වෙනවද?මැර දේශපාලකයෝ නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත්වෙනවද?මේවට විරුද්ධ වුනානම් හොද නැද්ද?මේවට විරුද්ධ වෙලා මැරෙන්න උනත් ඒ මරණෙට වටිනාකමක් තියනවා.අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට පරාජය දරා ගන්න අමාරුයි.ඒ නිසා එයාල ඉක්මන් විසදුමක් විදියට තෝරාගන්නවා මරණය.ආදරය පරාද උනාට පස්සේ සියදිවි නසාගන්නවා.සමහර විට කෙල්ලගේත් හත් අට පොලකට පිහියෙන් ඇනලා එකිවත් මරල තමයි මැරෙන්නේ.එහෙම නැත්තම් දෙන්නම මැරෙනවා.මට මේ වෙලාවේ මන් බලපු "කුන්ග් ෆු"කියන ටෙලිනාට්‍ය මාලාවේ තිබ්බ එක්තරා දෙබසක් මතක් වෙනවා."ආදරය කියන්නේ හිමිවීමම නෙමෙයි.මන් කෙනෙකුට ආදරෙයි කියල ඒ කෙනා මටම ආදරය කල යුතුයි කියල නීතියක් නැහැ.මොකද ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි".තමන් කැමති කෙනා තමන්ට කැමති නැහැ කියල මැරෙන්න,මරන්න උවමනා නැහැ.තමන්ට ආදරය කරන්නැති කෙනෙකුට ආදරය කරලා තේරුමකුත් නැහැ.අනිත් එක දිනුමට තියන විරුද්ධ පදේ තමයි පැරදුම.එකයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ අට ලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියල.ජීවිතේ දෙයක් නැති උනාට පස්සේ මැරෙන්නේ,මට නැත්තන් වෙන කාටවත් නැහැ කියල නොලැබුන දේ නැති කරන්න හදන්නේ ජීවිතෙන් පරාද වෙච්ච මිනිස්සු.
තාවකාලික පසුබෑමක් කියන්නේ සදාකාලික පරාජයක් නෙමෙයි.මන් බලපු "රවුඩි රාතෝර්" කියන හින්දි ෆිල්ම් එකේ එක තැනක තියනවා"සිංහයෙක් අඩි 2ක් පස්සට යන්නේ අඩි 10ක් පනින්න කියල".ඒ වගේ අපි අඩි 2 ක් පස්සට ගියොත් අඩි ගානක පිම්මක් තියන්න හිතට ගන්න ඕනේ.අන්න එහෙම මිනිස්සුයි ලෝකෙට අලුත් දෙයක් එකතු කලේ.තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්න 999 පාරක් ට්‍රයි කළා.එත් වැරදුන.1000වෙනි පාර හරි ගියා.බලාපොරොත්තු නැති කරගන්නේ නැති එකයි වැදගත්.මං ආයෙමත් කියන්නේ මැරෙනවනම් ජීවිතේට වටිනාකමක් දීල මැරියල්ලා.හිතට එන ආවේගෙට තීරණ අරන් ජීවිත විනාස කරගන්න එපා.ඉපදුන වරදට ලෝකේ ජීවත් වෙන්නත් එපා.ජීවිතේට වටිනාකමක් දීල ජීවත් වෙලා වටිනාකමක් දීල මැරියල්ලා.ලෝකේ මතක තියෙන්නේ එහෙම මිනිස්සු............
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
Tuesday, October 9, 2012
මල් පවනේ ඉංග්‍රීසි
හිස් අහස බ්ලොග් එක ලියන සඳරු කොලුවා දාල තිබ්බනේ මල් පවනේ ඕ ලෙවල් කඩ්ඩ ලියල කුඩු කරගත්ත හැටි.මේක මං මල් පවනේ ඒ ලෙවල් කඩ්ඩ ලියපු හැටි ගැන කතාව.
ඇත්තටම මට නම් ඉංග්‍රීසි මහා ලොකු අවුලක් උනේ නැහැ එදා ඉදන්ම.ඕ ලෙවල් වලට ඉංග්‍රීසි වලට කියල පන්තියකට ගියා.එත් කවදාවත් පන්තිය ඇතුලට ගිහින් නැහැ.කොල්ලොත් එක්ක පන්තිය ළඟ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකේ තමයි ඒ පැය දෙක හිටියේ.ඉන්ටෙර්නෙට් එකේ මොනවද කලේ කියල අහන්න එපා.මොකද ඒ කාලේ මේ බ්ලොග් කෙරුවාවල් මූණු පොත් ගැන දැනුමක් තිබුනේ නැහැනේ.කලේ ඉතින් ඔය කාගෙන් හරි අනන් මනං සයිට් අහගෙන ඇවිත් ඒවා හොයා හොයා පින්තූර බලපු එක තමයි.වයසේ වැරද්දනේ......හැබැයි මොන මගුල කලත් මං ඉංග්‍රීසි පාස්.නිකන් නෙමෙයි" A "එකක් එක්ක.මං කියන්න හිටියේ ඕ ලෙවල් ගැන නෙමෙයි ඒ ලෙවල් ගැනනේ.
ඔන්න ඒ ලෙවල් විෂයන් එහෙන් මෙහෙන් ඉවර වෙලා ඉංග්‍රීසි තියන දවස උදා උනා.මාත් ඉතින් උදේ පාන්දර ගියා ඉස්කෝලෙට.ගිහින් මට විභාගේ තිබ්බ පන්තියත් හොයාගත්ත.පන්තියට ඇතුල් උන ගමන් මට වෙනසක් තේරුනා.කෙල්ලෝ ඔක්කොම වෙනදා වාගේම දමාගෙන පාඩම් කරනවා.ඒත් කොල්ලෝ එකෙක්වත් නැහැ.මට නිකමට වගේ සැකයක් අව.මාත් පන්තියෙන් එලියට ඇවිත් ඉස්කෝලේ අනිත් කෙලවර පැත්තට ගියා.අපේ ඉස්කෝලේ කෙලවරේ පොඩි පිට්ටනියක් තියනවා.ඔය 6,7,8 පන්තිවල පොඩි එවුන් සෙල්ලම් කරන්නේ ඔය පිට්ටනියේ.ඔය පිට්ටනිය කෙලවරේ තියනවා පන්ති කාමර වගයක්.ඈත තියාම මම දැක්ක එතන එක පන්තියකින් හීනි දුම් රැල්ලක් උඩට යනවා.ඒක දැකපු ගමන් මගේ කකුල් මටත් නොදැනිම ඉක්මන් උන.මං පන්තියට එබෙන කොට පන්තියේ කොල්ලෝ ඔක්කොම එතන.මල් කූරක් පත්තු වෙනවා.අනුපානෙට රත්තරන් කොලේකුත් එක්ක.ඒක දැකපු ගමන් මට සිහි නැති උනා.ගත්ත ගමන් කලින් මා ඇරිච්ච ඒවත් එක්කම මල් සුවඳ ටිකක් විදලා මදි පාඩුවට රත්තරන් කොළෙත් ඉරුවා.ඊට පස්සේ ඉතින් කට්ටියත් එක්ක බොහොම අහිංසක විදියට හිනා වෙවී ඉන්නවා.සමහරු අහස පොලොව ගැටලන්න කල්පනා කරනවා.මාර ආතල්.අපිට ඉංග්‍රීසි පේපර් එක ලියන්න ඕනේ කියල මතක් උනේ පන්තියෙන් වාඩි වෙන්න බෙල් එක ගහල විනාඩි දහයකුත් ගියාට පස්සේ.
ඉතින් කට්ටියත් එක්ක හනි හනික ආව පන්තියට.ඉඳගත්ත.ඔන්න ප්‍රශ්න පත්තරෙත් බෙදුව.මට නිකන් අකුරු පෙන්නේ නිල් වෙලා, කොළ වෙලා, පාවෙලා.මං ඔලුව උස්සල බැලුව වට පිට.මට එහා පැත්තෙන් හිටපු එකා පේපර් එකා දිහා බලාගෙන ඉන්නවා.හරියට භාවනා කරනවා වගේ.මං බැලුව හිමීට පිටිපස්ස.මට පිටිපස්සේ හිටපු එකා නිදි.ඔක්කොටම මල නියමෙටම වැඩ.මට හරි ගියේ නැහැ.මං ගත්ත පේපර් එකා.ලියන්න ගත්තා.වචන පේලි දෙකක් ලියනවා.මොනවහරි හිතෙනකොට කම්මුලට අත තියාගෙන කල්පනා කරනවා.ආයේ ලියනවා.කල්පනා කරනවා.කොහොම හරි මං පැය එකහමාරක් වෙද්දී පේපර් එකා ලියල ඉවරයි.ඊට පස්සේ ලියපු පේපර් එකා එහෙමම තියල මං නිදා ගත්ත ඩෙස්ක් එකට ඔලුව තියාගෙන.ඇහැරුනේ පේපර් එකතු කරන කොට.මගේ පිටිපස්සේ හිටපු එකාව ඇහැරවන්න දෙතුන් පාරක්ම තට්ටු කරන්නත් උනා.කොහොම හරි ඉංග්‍රීසි ඉවර උනා.ප්‍රතිපල බලන කොට මල් පවනේ ආතල් එකේ ලිව්වා මගේ ඉංග්‍රීසි පේපර් එකට මට "c " එකක්.කාටද ආඩම්බර...........ඒත් අවුල මගේ වටේ හිටපු අනිත් උන් ඔක්කොම ඉංග්‍රීසි ෆේල්.
Subscribe to:
Posts (Atom)



