Wednesday, October 10, 2012

මඳක් හිතන්න







අද උදේ පාන්දර අහපු නිව්ස් එකකින් හිත කීරි ගැහිලා ගියා.ක්‍රිකට් වර්ල්ඩ් කප් එක පරාද වෙච්ච දුකට තරුණයෝ දෙන්නෙක් එල්ලිලා මැරිලා.කොච්චර අපරාධයක්ද?දැන් ඒ දෙන්න මැරුණා කියල අපිට කප් එක හම්බ වෙයිද?......නැහැනේ.ඒ මරණ වල දුක විදින්න ක්‍රිකට් ටීම් එක එන්නෙත් නැහැ.ඒ දුක විඳින්න ඕනේ උන්ව මෙච්චර කාලයක් දුක් මහන්සියෙන් හදපු වඩපු අම්මලා තාත්තලා නෑදෑයෝ හිතවත්තු.වෙන මිනිස්සුන්ට ඒකෙ දුකක් නැහැ.අඩුගානේ ක්‍රිකට් ටීම් එකේ උන්ටවත්.උන්ටත් වර්ල්ඩ්  කප්  තව ටික දවසකින් අමතකයි.ඊට පස්සේ එයාල IPL,SLPL,BPL සෙල්ලම් කරයි.කෝටි ගණන් හම්බ කරයි.තව වර්ල්ඩ් කප් ගහයි.ඒවත් දිනයි.එක්කෝ පරදියි.
               ඇයි දෙයියනේ සියදිවි නසා ගන්න නෙමෙයි මරාගෙන මැරෙන්න ඕනේ දේවල් කොච්චර මේ රටේ වෙනවද?දවසකට ළමා අපචාර කීයක් වෙනවද?දූෂණ,වංචා කොච්චර වෙනවද?මැර දේශපාලකයෝ නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත්වෙනවද?මේවට විරුද්ධ වුනානම් හොද නැද්ද?මේවට විරුද්ධ වෙලා මැරෙන්න උනත් ඒ මරණෙට වටිනාකමක් තියනවා.අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට පරාජය දරා ගන්න අමාරුයි.ඒ නිසා එයාල ඉක්මන් විසදුමක් විදියට තෝරාගන්නවා මරණය.ආදරය පරාද උනාට පස්සේ සියදිවි නසාගන්නවා.සමහර විට කෙල්ලගේත් හත් අට පොලකට පිහියෙන් ඇනලා එකිවත් මරල තමයි මැරෙන්නේ.එහෙම නැත්තම් දෙන්නම මැරෙනවා.මට මේ වෙලාවේ මන් බලපු "කුන්ග් ෆු"කියන ටෙලිනාට්‍ය මාලාවේ තිබ්බ එක්තරා දෙබසක් මතක් වෙනවා."ආදරය කියන්නේ හිමිවීමම නෙමෙයි.මන් කෙනෙකුට ආදරෙයි කියල ඒ කෙනා මටම ආදරය කල යුතුයි කියල නීතියක් නැහැ.මොකද ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි".තමන් කැමති කෙනා තමන්ට කැමති නැහැ කියල මැරෙන්න,මරන්න උවමනා නැහැ.තමන්ට ආදරය කරන්නැති කෙනෙකුට ආදරය කරලා තේරුමකුත් නැහැ.අනිත් එක දිනුමට තියන විරුද්ධ පදේ තමයි පැරදුම.එකයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ අට ලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියල.ජීවිතේ දෙයක් නැති උනාට පස්සේ මැරෙන්නේ,මට නැත්තන් වෙන කාටවත් නැහැ කියල නොලැබුන දේ නැති කරන්න  හදන්නේ ජීවිතෙන් පරාද වෙච්ච මිනිස්සු.
               තාවකාලික පසුබෑමක් කියන්නේ සදාකාලික පරාජයක් නෙමෙයි.මන් බලපු "රවුඩි රාතෝර්" කියන හින්දි ෆිල්ම් එකේ එක තැනක තියනවා"සිංහයෙක් අඩි 2ක් පස්සට යන්නේ අඩි 10ක් පනින්න කියල".ඒ වගේ අපි අඩි 2 ක් පස්සට ගියොත් අඩි ගානක පිම්මක් තියන්න හිතට ගන්න ඕනේ.අන්න එහෙම මිනිස්සුයි ලෝකෙට අලුත් දෙයක් එකතු කලේ.තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්න 999 පාරක් ට්‍රයි කළා.එත් වැරදුන.1000වෙනි පාර හරි ගියා.බලාපොරොත්තු නැති කරගන්නේ නැති  එකයි වැදගත්.මං ආයෙමත් කියන්නේ මැරෙනවනම් ජීවිතේට වටිනාකමක් දීල මැරියල්ලා.හිතට එන ආවේගෙට තීරණ අරන් ජීවිත විනාස කරගන්න එපා.ඉපදුන වරදට ලෝකේ ජීවත් වෙන්නත් එපා.ජීවිතේට වටිනාකමක් දීල ජීවත් වෙලා වටිනාකමක් දීල මැරියල්ලා.ලෝකේ මතක තියෙන්නේ එහෙම මිනිස්සු............
--------------------------------------------------------------------------------------------------------------------------------------------------

4 comments:

  1. hm...
    jeewitayaka watinakama kotaramda kiyala therum ganne nati unahama wena aparada tamai neda......

    ReplyDelete
  2. ////තාවකාලික පසුබෑමක් කියන්නේ සදාකාලික පරාජයක් නෙමෙයි////

    ඕක ‌තේරුම් ගන්න පුළුවන් කී දෙනාටද මල්ලී...

    මේ ළමයින්ට වෙන මොන ප්‍රශ්න තිබුනද කියලා දැන්නේ නැතුව මේ සියදිවි නසා ගැනීම් එකපාරටම ක්‍රිකට් පිස්සුවට බැර කිරීම නම් ඒතරම් හරි නෑ... මට හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි ඇති කියලා.. විශේෂයෙන් එක්කෙනෙක් අවුරුදු 17ක ළමයෙක් නිසා.... මේ කාලෙදි මැරෙන්න හිතෙනවා වැඩියි... මටත් මතකයි ඔය කාලේ අනේ මැරෙනවා නම් හොඳයි කිය කිය හිත හිත හිටියා... ඒක කරගන්න හි‌ෙත් හයියක් නොතිබුන නිසා හොඳට ගියා... හි හි

    ReplyDelete
  3. thank you hiru.......man template walin oya kiyapu widiyata font size wenas kala.dan hari neda?

    oyatath thanks champika comment kalata.

    ReplyDelete
  4. ගයාන්.. ටෙම්පේලේට් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරකොලා ඔයාට ඕනේ විදියට හදා ගන්න... මුකුත් අප්සට් වෙනවා අඩුයි.... ඔයා අනිත් බ්ලොග් බලනවානේ.... මාත් ඒ වගේ තමා.... එක තැනක දැකපු දෙයක් කරන්න ට්‍රයි කරලා තමයි ඕවා අල්ල ගත්තේ... හි හි....

    අනිත් එක එන පුළුවන් තරම් ලියන්න... කමෙන්ට් වැටුනේ නැති උනාට කමක් නෑ.... අනිත් අය ලියන ඒවාත් කියවන්න.. ඔයාට ගොඩක් දේවල් අල්ලගන්න පුළුවන්....

    දැං කැම්පස් පටන් ගත්ත නේ.. හි හි... නිවාඩු ඉවරයි....

    ReplyDelete