Monday, October 8, 2012

හීන වලින් නැගිටපල්ලා..

T20 වර්ල්ඩ් කප් එකත් ඉවර උනා.මෙච්චර දවසක් ටෙලිවිසොන් එක ඉස්සරහට වෙලා කට ඇරගෙන මැච් එකක් නෑර බලපු සමහර මිනිස්සු ඉදගත්තා තැන වලින් නැගිට්ටේ" තුහ් නොදකින්" කියාගෙන.සමහරු මැච් එක බලන්න ආපු" ම.රා".ටත් බැනල තියනවා මං දැක්ක මූණු පොතේ.කොහොමහරි අපේ ගමෙත් මැච් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකන් රතිඥා පත්තු වෙනවා ඇහුන.ඒ අපි පරාද උනා දුකටද නැත්තන් අනු ශූරයෝ වෙච්ච සතුටටද කියලනම් මං දන්නේ නැහැ.
         කොහොම උනත් සති ගානක් ක්‍රිකට් ගැන හීන දැක දැක හිටපු මිනිස්සු ආයෙත් ටික දවසකට ඇහැරිලා.මං හිතන්නේ අපේ මිනිස්සුන්ගෙන් මේ විදියේ ප්‍රශ්න ටිකක් ඇහුවොත් සමහරු මෙහෙම උත්තර දෙයි.

             "කැම්පස් වහල මාස තුනකට වැඩියි නේද?"
             "නෑ.ඇත්තද....?"
             "කැම්පස් ළමයි පා ගමනක් එද්දී කොල්ලෝ දෙන්නෙක්ව හැප්පිලානේ"
            "අම්මට සිරි...ඇත්තද කවද්ද...?"
            "අධිකරණ සේවා කොමිෂන් එකේ ලේකම්ට ගහලලු නේද?"
             "නෑ...දන්නෙත් නැහැනේ බන්..ඒ මොකද....?"

අපේ මිනිස්සුන්ගේ හැටි ඔය වගේ.රටේ ලෝකේ මොනවා උනත් ගානක් නැහැ.අල්ලපු ගෙදර එකාට හෙන ගැහුවත් ගානක් නැහැ තමන්ට හෙන නොගහ.අන්න එහෙම මානසික තත්වයක් අපේ මිනිස්සු ළඟ තියෙන්නේ.හිට්ලර්ගේ මහා විනාශයන්ට එරෙහිව නිහඩව හිටපු උන් ගැන ලියවෙච්ච දෙයක් මට මේ වෙලාවේ මතක් වෙනවා.
             "      ඔවුන් යුදෙව්වන් මැරුවා.මා නිහඩව සිටියා.මා යුදෙව්වෙක් නොවන නිසා
                    ඔවුන් පෝලන්ත වැසියන් මැරුවා.මා නිහඩව සිටියා.මා පෝලන්ත වැසියකු නොවන නිසා
                    ඔවුන් කොමියුනිස්ට්වරුන් මැරුවා.මා නිහඩව සිටියා.මා කොමියුනිස්ට්වරයකු නොවන නිසා
                    ඔවුන් කලාකරුවන් මැරුවා.මා නිහඩව සිටියා.මා කලාකරුවකු නොවන නිසා
                    අද ඔවුන් මා මරන්න ඇවිත්.මා වෙනුවෙන් කවුරුත් නැහැ........."

ඔන්න ඕක තමයි අපේ මිනිස්සුන්ටත් වෙන්නේ.අපි කවුරු හරි මවල දෙන හීන බල බල නිදාගන්නවා.ළඟ ඉන්න මිනිහට මොනවා උනත් තමන් දකින හීනේ අතරල නැගිටින්නේ නැහැ.ඒත් තමන්ට මොනවා හරි උනොත් නැගිටිනවා.හැබැයි ඒ වෙනකොට උදව්වට ළඟ කවුරුවත් නැහැ.දැන්වත් ඔය හීන වලින් නැගිටපල්ලා.............................

1 comment:

  1. ////අල්ලපු ගෙදර එකාට හෙන ගැහුවත් ගානක් නැහැ තමන්ට හෙන නොගහ.///

    ඔය කතාව මං දෙතුන් තැනක දැක්කා... වෙන කරන්න දෙයක් නෑ මල්ලි.. මොකද මිනිස්සු තම තමන් තමන් ගැන බලා ගෙන ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්‌ෙන් දැං.... ඒකට වැරැද්දක් කියන්නේ කො‌ෙහාමද.. තමන් හිසට තම අතමය හෙවනැල්ල කියන එකයි මේ කාලෙට හරියන්‌‌ෙන්... හීන කෙසේ වෙතත් තමන්ගේ ජීවිතේ ඉතුරු කර ගන්න බලන්නෙ තමන්ගේ එවුන් වෙනුවෙන්.. අනිත් උන් ගැන හිතන්නේ කො‌හොමද...

    ReplyDelete