Friday, October 5, 2012

හන්තානේ කුරුල්ලන්ට



                                                  හන්තානේ කන්ද උඩින්
                                                  ඉගිල්ලෙනා කුරුල්ලෝ...
                                                  මහවැලි ගං ඉමේ ඉඳන්
                                                  ගී ගයනා කුරුල්ලෝ....

                                                 මං ගැන තොරතුරු විමසන
                                                 අම්මා අප්පච්චිලාට
                                                 යහතින් මං ඉන්නා බව
                                                 කියල වරෙන් කුරුල්ලෝ...
                                                 කැන්ටින් බත රහ නැතියයි
                                                 කියන්නෙපා කුරුල්ලෝ...

                                                උපාධියත් අරගෙන මං
                                               මෙහේ ඉඳන් ගම යන කොට
                                               අම්මාගේ ඇස් කොනකට
                                               කඳුළු නැගෙයි කුරුල්ලෝ...
                                              අම්මාගේ වයස දැකල
                                              මගේ පැහුණු කෙසුත් දැකල
                                              එතකොට නම් මට හරියට
                                              දුක හිතේවි කුරුල්ලෝ....
------------------------------------------------------------------------------------
මං බැලුව මගේ පොස්ට් වල no title කියල තියෙන්නේ ඇයි කියල.බලද්දී මමනේ title එක දාල නැත්තේ.ඒ වැරැද්ද හැදුව හොදේ......

1 comment:

  1. ////අම්මාගේ වයස දැකල
    මගේ පැහුණු කෙසුත් දැකල////

    මම වෙන මොනා කියන්නද....? හි හි
    ස්ටෝරිය නම් නියමයි.. ඔයාගේ අත්දැකීමයි හිතේ තියෙන දේවල් ටිකයි හොදට ලියවිලා තියෙනවා...

    ( මේ මල්ලෝ........ කවි ගැන නම් මට මෙලෝ දෙයක් තේරෙන්‌ෙන් නෑ හොඳේ... ඒකයි වැජිය මොකුත් නොකිව්වේ..)

    ReplyDelete