Thursday, October 25, 2012

නුඹ

ගලහ හන්දියෙන් එපිට
සෙනග පිරි බස් රියේ
නාදුනන මුහුණු අතර මැද
හුරුපුරුදු ලෙසින් හිනැහුණ
නුඹ..............
බැලූ එක බැල්මකින්
හද පුරා සිතුවම් දහසක් ඇද
යලිත් නොබලාම මදෙස
ගුඩ් ෂෙඩ් වලින් බැස
හිරිපොද වැස්සේම
දියව ගිය
නුඹ...................

1 comment:

  1. පේරාදෙණිය....

    හම්ම්... මම නං ගියෙ නෑ.. ඒත් මගේ නංගි ගියා... ඒකත් ඉතිං මං ගියා වගේ තමා.. හි හි..

    කවි ලියවෙන පැත්තක් නේ...

    ReplyDelete