ඉතින් හුග කාලෙකට පස්සේ මට මොනවා හරි ලියන්න කියල හිතුන එකත්
පුදුමයක්.කොහොම උනත් ලියන්න හිතුනේ මුළු රටම කම්පාවෙච්ච සිදුවීමක් ගැන.ඔවු
රිසානා ගැන.රිසානවා මරා දමලා.නොදරුවෙකුගේ උගුරේ කිරි හිරවී මැරුණු වරදට
තමයි රිසානාට ඒ දඩුවම හිමි උනේ.ඇත්තටම අන්තර්ජාලයේ පත්තරවල දකින දකින
තැන්වල මුස්ලිම් ජාතිකයන්ට අම්ම මුත්තා මතක් කර කර බැනපු අපි
සිංහල,දෙමල,මුස්ලිම් බේදයක් නැතුව රිසානාගේ ඉරණම ගැන කම්පා වෙනවා.ඒත් එක්කම අපේ හදවත් වලින් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා.ඇත්තටම රිසානා මැරෙනකන්ම ඇය ගැන නිවැරදි සොයා බැලීමක් අපි හෝ මේ ආණ්ඩුව
විසින් සිදු කලාද කියන එක. දැන් ඇගේ මරණයත් එක්ක ඔක්කොම පුක කැඩිච්ච කඩි
වගේ දගලනවා.තානාපතිවරු ඉවත් කරනවා.අරාබියට කාන්තාවන් පිටත් කිරීම නවත්තන්න
හදනවා.රිසානාගේ පවුලට ගෙවල් හදල දෙන්න හදනවා.මේ ඔක්කොම කරන්නේ ඇය මිය
ගියාම.හරි වචනේ ඇයව කුරිරු ලෙස මරා දැම්මාම.
රිසානා රට ගියේ අඩු වයසින්.ඒ තමන්ට සැප හොයාගෙන නෙමෙයි.ඉන්න හිටින්න තැනක් නැති පවුලේ උදවිය වෙනුවෙන්.පාසල්
යන වයසේ උන් නංගිලා මල්ලිලා වෙනුවෙන්.තමන් වැටිල ඉන්න දුප්පත්කම කියන
ගොහොරුවෙන් එලියට එන්න හිතාගෙනයි ඇය රට ගියේ.නමුත් අවාසනාවන්ත විදියට ඇයට
සිද්ද උනේ හැමෝම අඩවලා පෙට්ටියකින් එන්න.ඉතින් වරද කාගේද?ඇයව අඩු වයසින් රට
යවපු ඒජන්සිකාරයෝද?එහෙම නැත්තන් අඩු වයසින් රට ගිය රිසානාද අරාබි
නීතියද?නැත්තන් මැරිච්ච නොදරුවද ?ඔය ඔක්කොටම වඩා මූලික වැරැද්ද රිසානාගේ
දුප්පත්කම.මේ රටේ නැති මිනිස්සු ඉන්නකන් දුප්පත්කමේ අන්තයට ගිහින් යන එන මන් නැතුව ඉන්න මිනිස්සු ඉන්නකන් තව තව රිසානලා බිහි වේවි.අරාබියේ නැති උනත් ලෝකේ වෙන රටවල ගිහින් වහල්කම් කරාවි.මේ වගේම
මිනී පෙට්ටිවල තව දහස් ගණන් අපේම අම්මලා අක්කලා නංගිලා ඒවි.ඉතින් අපි
මොකක්ද කල යුත්තේ?හැමෝටම දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සමාජයක්
බිහි කිරීමයි.ඒ සමාජය ඇතුලේ මේ වගේ දුප්පත්කම නිසා මිය යන රිසානලා වගේ
අහිංසකයන් නොසිටිවී.ඉතින් එහෙවු සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වදිනවාද?නැත්තම් වහලුන් සේ මිය යනවාද?තීරණය අප ඔබ සතුයි.
තව දෙයක්.නීතිය කියන්නේ ධනපතියා රකින එක ආයුධයක්
විතරයි.එකෙන් ඔබ මා වැනි නිර්ධනයෙකුට ලැබෙන පිහිටක් නැහැ.ඒක මන් ඔබට
අමුතුවෙන් කිවයුතු නැහැ.ලංකාවේ පොලිසියකට උසාවියකට ගියානම් ඔබ ඒක හොදින්
අත්විඳලා ඇති.අරාබි නීතිය උනත් ඇමෙරිකාවේ නීතිය උනත් ලංකාවේ නීතිය උනත් ඔය
ඔක්කොම එකයි.උන්ගේ වාසියට තමයි ඔය හැම නීතියක්ම.එක නිසා මේ බොරු ජාති ආගම්
කුල බේද අතැරලා අපි එකා වගේ නැගී හිටිමු.අපි ඔක්කොටම සතුටින් සාමයෙන් ජීවත්
වෙන්න පුළුවන් රටක්,ලෝකයක් බිහි කරමු. ඒකට අපි හැමෝටම ශක්තිය තියනවා.
යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත කොස් නැදුන් වෙමු
උන්ට එසවිය නොහෙන....
දර්ශන මේදිස් කවියාගේ 'කඳුළු මිටියාවතින් ' කවි පොතෙනි.
Monday, January 14, 2013
Friday, October 26, 2012
ඉතිහාසයෙන් පැනයක්
ගුරුතුමනි විමසුමට
පැනයක් තිබේ මා හට
මහාවංශ දීපවංශ
නොයෙක් ඉතිහාස පොත් වල
ලියවී තිබේ බොහෝ සටහන්
යුදෙන් වික්මන් කල රජවරුන්
සෙන්පතින් ගැන....
දාගැබ්ද මහ වැවුද
පෙතිපිලිම කල
මහා රජවරුන් ගැන
ඒ නමුත් ගුරුතුමනි.....
මහා යුද්ධ ජය ගැන්මට
රජවරුන්ට සෙන්පතින්ට
පමණක්ම හැකිවේද
නොමැතිව සුළු සෙබළුන්
මහා වැවු, දාගැබ්
පෙතිපිලිම නිම කල හැකි වේවිද
නොමැතිව
කම්කරුවන්,ගල්වඩුවන්
පෙදරේරුවන්...
ඉතින් ඉතිහාස පොත්වලින්
එක පුංචි පිටුවක්
ඇයිද වෙන් නොකළේ
රජුන්,සෙන්පතින් වෙනුවෙන්
දාඩිය,ලේ,කඳුළු වැගිරූ
ඒ පුංචි මිනිසුන් වෙනුවෙන්....
ගුරුතුමනි....
උගන්වන්න මට
රජුන් සෙන්පතින් ගැන නොව
උන් වෙනුවෙන් වෙහෙස වුනු
පුංචි මිනිසුන් ගැන....
පැනයක් තිබේ මා හට
මහාවංශ දීපවංශ
නොයෙක් ඉතිහාස පොත් වල
ලියවී තිබේ බොහෝ සටහන්
යුදෙන් වික්මන් කල රජවරුන්
සෙන්පතින් ගැන....
දාගැබ්ද මහ වැවුද
පෙතිපිලිම කල
මහා රජවරුන් ගැන
ඒ නමුත් ගුරුතුමනි.....
මහා යුද්ධ ජය ගැන්මට
රජවරුන්ට සෙන්පතින්ට
පමණක්ම හැකිවේද
නොමැතිව සුළු සෙබළුන්
මහා වැවු, දාගැබ්
පෙතිපිලිම නිම කල හැකි වේවිද
නොමැතිව
කම්කරුවන්,ගල්වඩුවන්
පෙදරේරුවන්...
ඉතින් ඉතිහාස පොත්වලින්
එක පුංචි පිටුවක්
ඇයිද වෙන් නොකළේ
රජුන්,සෙන්පතින් වෙනුවෙන්
දාඩිය,ලේ,කඳුළු වැගිරූ
ඒ පුංචි මිනිසුන් වෙනුවෙන්....
ගුරුතුමනි....
උගන්වන්න මට
රජුන් සෙන්පතින් ගැන නොව
උන් වෙනුවෙන් වෙහෙස වුනු
පුංචි මිනිසුන් ගැන....
Thursday, October 25, 2012
නුඹ
ගලහ හන්දියෙන් එපිට
සෙනග පිරි බස් රියේ
නාදුනන මුහුණු අතර මැද
හුරුපුරුදු ලෙසින් හිනැහුණ
නුඹ..............
බැලූ එක බැල්මකින්
හද පුරා සිතුවම් දහසක් ඇද
යලිත් නොබලාම මදෙස
ගුඩ් ෂෙඩ් වලින් බැස
හිරිපොද වැස්සේම
දියව ගිය
නුඹ...................
සෙනග පිරි බස් රියේ
නාදුනන මුහුණු අතර මැද
හුරුපුරුදු ලෙසින් හිනැහුණ
නුඹ..............
බැලූ එක බැල්මකින්
හද පුරා සිතුවම් දහසක් ඇද
යලිත් නොබලාම මදෙස
ගුඩ් ෂෙඩ් වලින් බැස
හිරිපොද වැස්සේම
දියව ගිය
නුඹ...................
Tuesday, October 16, 2012
වැසි දිනකදී දුරින් හිදගෙන පෙම්බස් මුමුණන පෙම්වතියට
අර බලන් සොඳුර අර
හන්තාන අහස'ගන
හීතලෙන් කිලිපෙලුනු සිරුරැති
හන්තාන කඳු හිමිව
සිය සිනිදු අත්වලින්
වෙලාගෙන උනුහුමට
ආදරෙන් තුරුළු කරගෙන
සිටින'යුරු........
Saturday, October 13, 2012
එදා-අද
සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තය කියන්නේ මං ගරු කරන පුවත්පත්
කලාවේදියෙක්.දැන් ඔහු දේශපාලනමය විදියට මොන වගේ තැනක ඉන්නවද කියල මං දන්නේ
නැහැ.ඒත් ලංකාවේ තිබුණු දැවැන්ත මර්ධනකාරී යුගයක ඔහු විසින් ලියනු ලැබූ
දේවල් වලට මං ගොඩක් ආසයි.විශේෂයෙන් 1986-1993 කාලයේ ඔහු විසින් ලියනු ලැබූ
"සත්‍යවාදියෙකුගේ දිනපොත"නම් තීරු ලිපි පෙළ එම යුගයේ අන්ධකාරය පෙන්වන
උදාහරණයක් විදියටයි මං දකින්නේ.ඒත් එක්කම එම තීරු ලිපි පෙලේ තියෙන අදහස්
දැක්වීමේ නිර්භීත භාවයටත් මං ගොඩක් කැමතියි.ඒ තීරු ලිපි පෙළ
"සත්‍යවාදියෙකුගේ දිනපොත"ලෙස පොතක් විදියටත් එලි දක්වල තියනවා.මට ඒ පොතේ
එක්තරා කොටසක් උපුටා දක්වන්න හිතුනා.එම කොටස එදාටත් අදටත් දෙකටම උචිතයි
කියලයි මට හිතෙන්නේ.
1986 අගෝස්තු 20
නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........
දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.
1986 අගෝස්තු 20
නුගේගොඩ හන්දියේ පාර මාරු වෙමින් සිටි මහලු හිඟන මිනිසා තල්ලු කල පොලිස්කාරයාට මම ශාප කරමි.එම තල්ලු කිරීම මට දැනුනේ පහර දීමක් ලෙසටය.ජාතික කොඩිය ගසාගත් සුඛෝපභෝගී කාර් එක එම ස්ථානය පසු කර ගියේ එම මහලු මිනිසා පාරෙන් ඉවතට ගොස් බොහෝ වේලා ගත වූවාට පසුවය.හිතේ හටගත් දැඩි කෝපය හා පිළිකුල සමගම මට දයෝජිනිස් සහ මහා ඇලෙක්සැන්ඩර් සිහිපත් විය.එය ලස්සන කතාවකි.
දයෝජිනිස් නමැති දර්ශනවාදියා ජීවත් වූයේ පාර අයිනේ තිබූ පීප්පයක් තුලය.මහා සන්ග්රාමයකින් පසුව ජයග්රාහි පෙළපාලියෙන් යලි ග්‍රීසියට එමින් සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එන මග අවහිරකොට තිබූ මෙම පීප්පය ලඟට ගිය එක භටයෙක් දයෝජිනිස්ට එතනින් ඉවතට යන ලෙසට අණ කළේය.
..........මගේ පාඩුවේ ඉන්න දීල පලයල්ලා........
දයෝජිනිස් කීවේ එපමණය.මේ කතාව ඇසු ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඔහුට කරදර නොකර වෙනත් පාරකින් පෙළපාලිය යන ලෙස අණ කළේය.එදා බුද්ධිමතාට තැන ලැබුනේ එසේය.දයෝජිනිස් වැනි බුද්ධිමතුන් අදත් අප රටේ ඉන්නට ඉඩ ඇත.එහෙත් බුද්ධියට ගරු කරන පාලකයන් නොසිටීම මුළු මහත් දේශයේම අභාග්‍යයකි...
--------------------------------------------------------------------------------------------------------------------------
මේ දේවල් අදටත් කොච්චර ගැලපෙනවද කියල හිතල බලන්න ඔබට බාරයි.
ළඟ නැති ඔයාට
රැක ගන්න සිටි මැණික
අහිමි වූ කලට හිත
හදාගන්නේ කෙලෙස
සිහිනයෙන්වත් ඇවිත්
සුවඳ තවරා දසත
හිත හදාගන්න හැටි
කියාදී යන්න මට..........
ආයෙමත් පුරුදු හන්තාන හෙවන යටට ආවා.මාසයක් තිස්සේ මන් මේ හන්තාන අහසින් ඇත හිටියේ.මන් අඩිය තියපු වෙලාවේ ඉඳන් හන්තාන අහස අඩනවා.සමහර විට මාව ආයේ දැකපු සන්තෝසෙට වෙන්නැති.කොහොමහරි සද්ද බද්ද අඩුව තිබුන අපේ කාමරේ ආයෙමත් සැහෙන්න කාලගෝට්ටියක්.එහෙට මෙහෙට විසිරිලා හිටපු ඔක්කොම ආයේ එකතු වෙලා.සඳුදා ඉඳන් ආපහු වැඩ පටන් ගැනිල්ලක් තියෙන්නේ එක හුස්මට.කොහොම උනත් ආයේ පරණ ජීවිතේට එන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්.එත් හිතේ තියන තනිකම මකන්නම බැහැ වගේ.එක කොහෙන් එන තනිකමක්ද කියල හිතා ගන්න අමාරුයි.එත් ඒ තනිකමට මන් ආසයි.හන්තානේ ෆයිනස් ගස් මුදුනෙන් ගලාගෙන එන අඳුර,මීදුම,හන්තාන අහසින් වැටෙන වැස්ස මේ හැමදේකම තියෙන්නේ මහා තනිකමක්.ඒ සමහරවිට කවුරු ළඟ හිටියත් ඔය මන් ළඟ නැති නිසාද?.පුලුවන්නම් හීනෙන් හරි ඇවිත් මට උත්තරයක් දීල යන්න.අවුරුදු ගානකින් දැක්කේ නැති ඔයා දැන් කොහොම ඇද්ද?එදාට වඩා තවත් ලස්සන වෙලා ඇති.එත් මට නම් තම ඔයා එදා මන් දැක්ක ඔයාමයි...........පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැතුව තාමත් මගේ හිතේ ඒ විදියටම ඉන්නවා.පුලුවන්නම් එකම එක පාරක් හීනෙන් හරි ලඟට එන්න.මන් බලාගෙන ඉන්නවා ඇස් පියාගෙන ඔයා එනකන්.
Wednesday, October 10, 2012
මඳක් හිතන්න
අද උදේ පාන්දර අහපු නිව්ස් එකකින් හිත කීරි ගැහිලා ගියා.ක්‍රිකට් වර්ල්ඩ් කප් එක පරාද වෙච්ච දුකට තරුණයෝ දෙන්නෙක් එල්ලිලා මැරිලා.කොච්චර අපරාධයක්ද?දැන් ඒ දෙන්න මැරුණා කියල අපිට කප් එක හම්බ වෙයිද?......නැහැනේ.ඒ මරණ වල දුක විදින්න ක්‍රිකට් ටීම් එක එන්නෙත් නැහැ.ඒ දුක විඳින්න ඕනේ උන්ව මෙච්චර කාලයක් දුක් මහන්සියෙන් හදපු වඩපු අම්මලා තාත්තලා නෑදෑයෝ හිතවත්තු.වෙන මිනිස්සුන්ට ඒකෙ දුකක් නැහැ.අඩුගානේ ක්‍රිකට් ටීම් එකේ උන්ටවත්.උන්ටත් වර්ල්ඩ් කප් තව ටික දවසකින් අමතකයි.ඊට පස්සේ එයාල IPL,SLPL,BPL සෙල්ලම් කරයි.කෝටි ගණන් හම්බ කරයි.තව වර්ල්ඩ් කප් ගහයි.ඒවත් දිනයි.එක්කෝ පරදියි.
ඇයි දෙයියනේ සියදිවි නසා ගන්න නෙමෙයි මරාගෙන මැරෙන්න ඕනේ දේවල් කොච්චර මේ රටේ වෙනවද?දවසකට ළමා අපචාර කීයක් වෙනවද?දූෂණ,වංචා කොච්චර වෙනවද?මැර දේශපාලකයෝ නිසා මිනිස්සු කොච්චර පීඩාවට පත්වෙනවද?මේවට විරුද්ධ වුනානම් හොද නැද්ද?මේවට විරුද්ධ වෙලා මැරෙන්න උනත් ඒ මරණෙට වටිනාකමක් තියනවා.අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට පරාජය දරා ගන්න අමාරුයි.ඒ නිසා එයාල ඉක්මන් විසදුමක් විදියට තෝරාගන්නවා මරණය.ආදරය පරාද උනාට පස්සේ සියදිවි නසාගන්නවා.සමහර විට කෙල්ලගේත් හත් අට පොලකට පිහියෙන් ඇනලා එකිවත් මරල තමයි මැරෙන්නේ.එහෙම නැත්තම් දෙන්නම මැරෙනවා.මට මේ වෙලාවේ මන් බලපු "කුන්ග් ෆු"කියන ටෙලිනාට්‍ය මාලාවේ තිබ්බ එක්තරා දෙබසක් මතක් වෙනවා."ආදරය කියන්නේ හිමිවීමම නෙමෙයි.මන් කෙනෙකුට ආදරෙයි කියල ඒ කෙනා මටම ආදරය කල යුතුයි කියල නීතියක් නැහැ.මොකද ආදරය කියන්නේ ගනුදෙනුවක් නෙමෙයි".තමන් කැමති කෙනා තමන්ට කැමති නැහැ කියල මැරෙන්න,මරන්න උවමනා නැහැ.තමන්ට ආදරය කරන්නැති කෙනෙකුට ආදරය කරලා තේරුමකුත් නැහැ.අනිත් එක දිනුමට තියන විරුද්ධ පදේ තමයි පැරදුම.එකයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ අට ලෝ දහමෙන් කම්පා වෙන්න එපා කියල.ජීවිතේ දෙයක් නැති උනාට පස්සේ මැරෙන්නේ,මට නැත්තන් වෙන කාටවත් නැහැ කියල නොලැබුන දේ නැති කරන්න හදන්නේ ජීවිතෙන් පරාද වෙච්ච මිනිස්සු.
තාවකාලික පසුබෑමක් කියන්නේ සදාකාලික පරාජයක් නෙමෙයි.මන් බලපු "රවුඩි රාතෝර්" කියන හින්දි ෆිල්ම් එකේ එක තැනක තියනවා"සිංහයෙක් අඩි 2ක් පස්සට යන්නේ අඩි 10ක් පනින්න කියල".ඒ වගේ අපි අඩි 2 ක් පස්සට ගියොත් අඩි ගානක පිම්මක් තියන්න හිතට ගන්න ඕනේ.අන්න එහෙම මිනිස්සුයි ලෝකෙට අලුත් දෙයක් එකතු කලේ.තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගන්න 999 පාරක් ට්‍රයි කළා.එත් වැරදුන.1000වෙනි පාර හරි ගියා.බලාපොරොත්තු නැති කරගන්නේ නැති එකයි වැදගත්.මං ආයෙමත් කියන්නේ මැරෙනවනම් ජීවිතේට වටිනාකමක් දීල මැරියල්ලා.හිතට එන ආවේගෙට තීරණ අරන් ජීවිත විනාස කරගන්න එපා.ඉපදුන වරදට ලෝකේ ජීවත් වෙන්නත් එපා.ජීවිතේට වටිනාකමක් දීල ජීවත් වෙලා වටිනාකමක් දීල මැරියල්ලා.ලෝකේ මතක තියෙන්නේ එහෙම මිනිස්සු............
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
Subscribe to:
Posts (Atom)


